ඉන්දියාවේ මිසයිල අත්හදා බැලීමෙන් ආරක්ෂක ක්‍රමෝපායවල අඩුපාඩු වසංවෙනවා

ඉන්දියාවේ මිසයිල අත්හදා බැලීමෙන් ආරක්ෂක ක්‍රමෝපායවල අඩුපාඩු වසංවෙනවා

- විශ්ලේශකයෝ කියති

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාවෙන් යුත් දිගු දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමේ සාඩම්බරය විසින් එරට ක්‍රමෝපායික හමුදා සැලසුම් වල දුර්වලත්වය වසං කෙරෙනු ඇතැයි විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇත.

කිලෝමීටර 5000කට වැඩිදුරක් දිවෙන අග්නි 5 මිසයිලයේ සාර්ථක අත්හදා බැලීමෙන් මෙවන් වර්ගයේ මිසයිල සැලසුම් කිරීමට ,සංවර්ධනය කිරීමට,ගොඩනැගීමට හා නිෂ්පාදනයට ඉන්දියාවේ ඇති හැකියාවක් ඇතිබව ලොවටම හඬගා කියවෙන බව රාජ්‍ය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානයේ ප්‍රධානී වි.කේ .සරාස්වත් කියා ඇත.'අප දැන් මිසයිල බලවතෙක් “යැයි ඔහු කීවේය.

අග්නි 5 මිසයිලයේ කොටස් වලින් 80% කටවැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය වී ඇත්තේ ඉන්දියාවේමය. .

මිසයිල විශේෂඥ යකු වන පී.කේ . ගෝෂ් පවසා ඇත්තේ “මෙය යුද ශිල්පීය ක්‍රීඩාවේ වෙනසක් ඇතිකරන්නක් බවත් මෙතෙක් කලක් නොපැවති අයුරින් දැන් සමස්ත චීනයම ඉන් ආවරණය කිරි මේ හැකියාව තිබෙන්නක් බවත්ය.

එහෙත් මේ තාක්ෂණික ජයග්‍රහණය පිළිගන්නා නමුදු සිය දැවැන්ත කලාපීය ප්‍රතිවාදියා වන චීනයේ හැකියාවන් සමඟ සැසඳීමේදී මේ ජයග්‍රහණය එරට සමඟ සමපාත වීමට දරන ප්‍රයත්නයේ සුළු පියවරක් පමණක් බව විමර්ශකයන් ගණනාවක් ම පෙන්වා දී ඇත.තවද මිසයිල සංඛ්‍යාව, දුර ප්‍රමාණය හා ගුණාත්මක  භාවය අතින් ඉන්දියාව තවමත් චීනයට බොහෝ දුරින් පිටුපසින් සිටින බවද ඔවුන් කියා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා