සිරියාවට යවන නිරීක්ෂක පිරිස වැඩි කරන්නැයි ජගත් මහ ලේකම්ගෙන් දැඩි බලපෑම්

සිරියාවට යවන නිරීක්ෂක පිරිස වැඩි කරන්නැයි ජගත් මහ ලේකම්ගෙන් දැඩි බලපෑම්

සිරියානු අර්බුදය සමථයකට පත්කිරීමට යවන නිරීක්ෂණ කණ්ඩයමේ සාමාජික පිරිස වැඩි කිරීමේ ඉල්ලීම වහාම අනුමත කරන ලෙස ජගත් මහ ලේකම් බැන් කී මූන් ජගත් ආරක්ෂක කවුන්සලයෙන් පෙරේදා තරයේ ඉල්ලා සිටියේය. නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන් අනතුරට පත්වීමේ ඉඩකඩ ඇති බවට එල්ලවෙන චෝදනා ජගත් මහ ලේකම් වරයා මේවනතුරුම බැහැර කිරීමටද පියවර ගෙන නැත. මෙම නිරීක්ෂකයන්ට පැවරී ඇති මූලික කාර්භාරය රජය සහ රාජ්‍ය විරෝධීන් අතර සටන් විරාමයක් ඇති කරගැනීමයි .

කෙසේවෙතත් ඇමෙරිකාව සහ ඔවුන්ගේ සගයන් පවසන්නේ අමතර නිරීක්ෂකයන් යැවිය යුත්තේ දැනටමත් සිරියාවට ගොස් සිටින නිරීක්ෂකයනට හොම්ස් වැනි දරුණු ගැටුම් පවතින ප්‍රදේශවල නිරීක්ෂණ කටයුතු නිදැල්ලේ කරගෙන යාමට අවසර ලැබෙන්නේ නම් පමණක් බවයි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා