මුද්‍රණය සඳහා

 
දිවුරුම් ප්‍රතිඥාව වෙනස් කරන්නැයි සූකිගෙන් බලපෑම්

දිවුරුම් ප්‍රතිඥාව වෙනස් කරන්නැයි සූකිගෙන් බලපෑම්

මියන්මාරයේ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්විසින් ලබා දිය යුතුව ඇති ප්‍රතිඥාව සම්බන්ධයෙන් අරගලයක් පැනනැගී ඇතැයි වාර්තා වේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවුන් සාන් සුකී ගේ පක්ෂ සාමාජිකයන් සහ ජුන්ටා පාලකයන්ඊයේ හමුවීමට නියමිත විය . මෙය පසුගිය අප්‍රෙල් 1 වෙනිදා අතුරු මැතිවරණය පැවැත්වීමෙන් පසුව සුකීගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ප්‍රතිසංස්කරණවාදී රජය අතර හටගත් ප්‍රබලතම අරගලය ලෙස සැලකේ .

අදාළ ප්‍රතිඥාවේ ඇතැම් වදන් සංශෝධනය කරන ලෙස සුකීගේ පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු රජයෙන් ඉල්ලීමක් කර ඇත . කෙසේවෙතත් ව්‍යවස්ථා අධිකරණය ඊට එකඟ වී නැත . අතුරු මැතිවරණය ජයග්‍රහණය කළ සුකී ගේ පාක්ෂිකයන්ට පාර්ලිමේනතුවේ සඳුදා වන විටඅසුන් ගන්නා ලෙස ජුන්ටා පාලකයන් ඉල්ලා තිබේ


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]