එළිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සීමා මායිම් පසු කර ඉදිරියටම

එළිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සීමා මායිම් පසු කර ඉදිරියටම

අයිස්ක්‍රීම් අංශයේ ප්‍රමුඛයා වන එළිෆන්ට් හවුස් දශක ගණනාවක් මුළු මහත් රටම රසයෙන් පිනවමින් වැජඹෙයි. එපමණක් නොව පාරිභෝගික අයිස්ක්‍රීම් වෙළෙඳ පොළෙහි පෙර නොවූ විරූ ලෙස ඉහළින්ම දිදුලන නාමය එළිෆන්ට් හවුස් බවට පත්ව ඇත.

2002 වර්ෂයේදී විදේශ වෙළෙඳපොළට පිවිසි එළිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් මාලදිවයිනෙහි ද අයිස්ක්‍රීම් වෙළෙඳ පොළෙහි ප්‍රමුඛයා බවට පත්වූයේ කිසිම අපහසුතාවයකින් තොරවයි. මාලදිවයින රේගු දත්ත අංශයේ නවතම දත්ත වාර්තා අනුව පෙන්නුම් කෙරෙන්නේ මාලදිවයිනේ අයිස්ක්‍රීම් වෙළෙඳ පොළෙහි 50%ක හිමිකාරිත්වය දරන්නේ එළිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් බවයි.

එළිෆන්ට් හවුස් හි ශීත කළ ආහාර අංශ ප්‍රධානී නීල් සමරසිංහ මහතා මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ “2002 වර්ෂයේදී තමන් මාලදිවයින වෙළෙඳ පොළට ප්‍රවේශ වන විට එහි ආධිපත්‍යය වෙනත් විදේශ නිෂ්පාදන හිමි කරගෙන සිටි බවයි.

එසේ තිබියදීත් 2009 වන විට සෑම දෙනා විශ්මයට පත් කරමින් එළිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් මාලදිවයින් වෙළෙඳ පොළෙහි ප්‍රමුඛයා බවට පත් වූයේ මනා සැලැස්මකට අනුව බෙදාහැරීම් හා ඔවුනටම සුවිශේෂී වෙළෙඳ මෙහෙයුම් දියත් කිරීම නිසාවෙනි. මෙම නිවැරදි ජයග්‍රාහී තහවුරු කිරීම කළ ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වන එළිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් විදේශ නිෂ්පාදන සමඟ තරග වදින්නේ නිවැරදි මග පෙන්වීම හා යොමු කිරීම ඔස්සේ” බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා