මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව 30 වන වසර අභිමානයෙන් සමරයි

ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව 30 වන වසර අභිමානයෙන් සමරයි

ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සිය තිස් වසරක සේවා අභිමානය ආවර්ජනය කිරීමේ සැමරුම් උත්සවය කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්විණි. මෙහිදී නව ශාඛා සහ සේවා කාර්යාලයන් 16 හරහා ව්‍යාපාරික ප්‍රජාව ශක්තියෙන් සහ ස්ථාවර භාවයෙන් තවදුරටත් නගා සිටුවිය හැකි මූල්‍ය සේවාවන් රැසක් දියත් කිරීම සිදුවූ අතර මෙම අවස්ථාව සඳහා ප්‍රධාන අමුත්තා වශයෙන් ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ සහ ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ යන මහත්වරු සහභාගි වූහ.

එමෙන්ම වසර 20 කට අධික කාලයක් පුරා සේවයෙහි නියුතු සහෘද සේවකයන්ගේ සේවය ඇගයීමක් ද සිදුවූ අතර කළමනාකාරිත්වය මෙහිදී ඔවුන්ගේ අවංකභාවය සහ කැපවීම පිළිබඳ ප්‍රශංසා කරමින් ඔවුන් තව දුරටත් දිරිගැන්වීම වෙනුවෙන් සහතික සහ සම්මාන ද පිරිනමන ලදී.

ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව ශාඛා කාර්යාල 30 දිවයිනේ සියලුම උපාය මාර්ගික නගර පුරා විහිදුවමින් සියලු තරාතිරමේ පාරිභෝගිකයන් සහ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සුවිශේෂි මූල්‍ය විසඳුම් ඉදිරිපත් කරමින් සාර්ථකත්වය සඳහා යන ගමන් මගට ආලෝකය වූ නිසාවෙන්ම ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට හැකි විය.

ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති වර්තමානයේදී පවා දේශීය ජනතාවගේ හදවත ළඟින් සිටිමින් ඔවුන් නගා සිටුවනු වස් ආකර්ෂණීය මූල්‍ය සේවා ඉදිරිපත් කිරීම තුළින් අභියෝග ජයගත් මර්චන්ට් බැංකුව මේ වන විට ගාල්ල, නුවර, කුරුණෑගල, මහරගම, අනුරාධපුර, මීගමුව, ත්‍රිකුණාමලය, අම්බලන්තොට, වවුනියාව, මඩකලපුව, හලාවත, හැටන් සහ ප්‍රධාන කොළඹ කාර්යාලය මෙන්ම නව ශාඛා සහ සේවා කාර්යාල වශයෙන් කඳාන, අවිස්සාවේල්ල, බණ්ඩාරවෙල, පානදුර, රත්නපුර, මොනරාගල, මතුගම, ඇඹිලිපිටිය, අම්බලන්ගොඩ, දෙණියාය, නිට්ටඹුව, මහයියාව, අම්පාර, පුත්තලම, කැකිරාව සහ හිඟුරක්ගොඩ ඔබ වෙනුවෙන් විවෘත වේ.

පාරිභෝගිකයන් සඳහා පහසු සහ සහනදායි ණය සේවාවන් ලබාදෙමින් ඔවුන්ගේ රුචිකත්වයට අනුව කළමනාකරණය කිරීමට අවස්ථාව බැංකුව ලබාදෙයි. තවද සු‍්‍රළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය ශක්තිමත් කිරීම සඳහා කාර්යය ප්‍රාග්ධනය ව්‍යාපාර පුළුල් කිරීමට, උපකරණ මිලදී ගැනීමට හෝ කර්මාන්තශාලා ඉදිකිරීමට ආදිය සඳහා ද අවශ්‍ය මූල්‍ය සහය ලබාදෙමින් සුහද ණය සේවා කාර්යක්ෂමව සැපයෙයි.

“අපගේ 30 සංවත්සරය අපි සමරන්නේ මහත් අභිමානයෙනි. මෙහිදී අපට ශක්තියක් වූ විශාල පිරිසක් එදත් අදත් අප සමඟ සිටීම අපට ශක්තියක්.  දේශීය ව්‍යවසායකයන් සාර්ථකව නගාසිටුවීමට හැකිවීම අප ලද විශාලතම ජයග්‍රහණයයි. ව්‍යවසායකයන් සඳහා අතදීමද තවත් පිරිසක් සඳහා වාහන සිහිනය සැබැකර දෙමින් ඔවුන්ගේ ජීවිත සාර්ථකත්වයේ කොටස්කරුවන් වීමට ද අපට හැකි විය.” යනුවෙන් මෙහිදී සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා මර්චන්ට් බැංකු සභාපති එම්. ආර්. ෂා මහතා පවසා සිටියේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]