|
||
හාකෝට්ස් වෙතින් සුව මධ්‍යස්ථානයක්
ඔසුසැල්(ෆාමසි), ජාත්‍යන්තර සහතික ලත් රූපලාවන්‍ය නිෂ්පාදන හා කායවර්ධන නිෂ්පාදන මෙරටට ගෙන්වීම හා බෙදාහැරීම් ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන හාකෝට්ස් සමූහ ව්‍යාපාරය වසර 12ක් තුළ තම පාරිභෝගිකයන්ගේ නොමද විශ්වාසය දිනාගැනීමට සමත් වී ඇත. ඔවුන්ගේ නිරන්තරයෙන් වර්ධනය වන අති විශාල ඔසුසැල් ශාඛා ජාලයට එකතු වන 25 වැනි සාමාජිකයා, නව මුහුණුවරකින් හා නවමු අත්දැකීම් උල්පතක් ලෙස විවෘත වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඔබගේ සුවසෙත සලසනු වස් විවිධ වූ සේවා රැසක් එකම වහලක් යටදී ලබාගැනීමේ හැකියාවක් මෙම නවතම හාකෝට්ස් ඔසු සැලෙහි පවතී. ඔවුන්ගේ ඔසුසැල් කළමනාකරණය කරනු ලබන්නේ සහතික ලත් ඖෂධවේදියකු යටතේය. ඊට අමතරව මෙම නවතම ශාඛාවේදී රුව ගැන සැලකිලිමත් වන ඔබට ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ඇනට් වික්‍රමරත්න විසින් පවත්වාගෙන යනු ලබන අංගසම්පූර්ණ රූපලාවන්‍යාගාරයකින් හා සියලුම වර්ග වල නිෂ්පාදන අඩංගු රූපලාවන්‍ය නිෂ්පාදන අංගනයකින් අවශ්‍ය සේවා ලබාගැනීමේ හැකියාවක් ඇත. ශක්තිමත් ක්‍රියාශීලී කඩවසම් සිරුරක් අවශ්‍ය ඔබ සඳහා කායවර්ධන හා ක්‍රීඩා සඳහා ක්රියාවර්ධන අතිරේකයන් හා නිෂ්පාදනයන්ට වෙන්වූ පරිශ්රයකින්ද මෙය සමන්විතය. ඔබට යම් ආකාරයක වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම් ඒ සඳහා වෛද්‍යවරයකු හා පෝෂණවේදියෙකුගේ සේවයද ලබාගැනීමේ හැකියාවක් මේ ශාඛාව තුළ පවතී. මෙම නවතම සේවා සපිරි හාකෝට්ස් සුව මධ්‍යස්ථානය ‘වෙල්නස් සෙන්ටර්’ නමින් නො. 416, ආර් ඒ ද මෙල් මාවත, කොළඹ 03 යන ස්ථානයේ සුභ මොහොතින් ළඟදීම ඔබට තිලිණ වීමට නියමිතය. මෙම නවතම අත්දැකීම තුළින් ඔබට සුවසෙත සපිරි හැඩ ඇති රුවක් හිමිකර දීම ඔවුන්ගේ අභිලාෂය වන්නේ ය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |