DSI ස්වර්ණ ජයන්තිය උත්කර්ෂවත්ව

DSI ස්වර්ණ ජයන්තිය උත්කර්ෂවත්ව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙළෙඳ නාමය වන DSI  ව්‍යාපාරය අභිමානයෙන් යුතුව පනස් වසරක ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණ. කොළඹ නගරයේදී පා ගමනක් හා ගාලු කොටුව පවිත්‍ර කිරීමේ වැඩසටහනක් මීට ඇතුළත් විය.

DSI  ප්‍රකාශකයෙක් පැවසුවේ “දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් සහ DSI කණ්ඩායම පෙන්වූ උද්යෝගීමත් භාවය අති සාර්ථකත්වයක් ගෙන ආ බවයි” මේ වැඩසටහන තවත් අලංකාරවත් කරමින් DSI  නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශන රථ මාර්ගය පුරා පා ගමන වෙනුවෙන් විවිධ වර්ණවල බැලුම් බැනර් හා විචිත්‍රවත් කොඩි වළින් සරසා වීදි සංචාරය කළේ ය.

1962 දී ආරම්භ කරන ලද DSI ව්‍යාපාරය පාවහන්, ටයර් , රබර් ආශි‍්‍රත නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ, බුරුසු, ටයිල් , වතුර බෝතල්, කුඩා ජල ව්‍යාපෘති ආදී නානාවිධ අංශයන්ගෙන් ශක්තිමත්ය.  සේවකයින් 8,000 අධික සංඛ්‍යාවකට රැකියා අවස්ථා හිමිකර දී ඇති DSI රටේ ආර්ථික ජීවනාලියට ඉමහත් ශක්තියකි.

ශ්‍රී ලංකාවේ පාවහන් හා ටයර් නිෂ්පාදන ප්‍රමුඛයෙකු වන DSI ස්ථාවර වෙළෙඳ පොළක් හිමි ශක්තිමත් වෙළෙඳ නාමයකි. ශ්‍රී ලංකාවෙන් එහා ගිය වෙළෙඳ පොළක අභිමානය රැදි DSI ආසියාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය, ඇමරිකාව, අපි‍්‍රකාව රටවල නව මං පෙත් සොයා යමින් නිෂ්පාදන වැඩි දියුණු කිරීම් හා පර්යේෂණ තුළින් “දේශය දිනවා ලොව දිනවන්නට” යන තේමාව යටතේ DSI 50 වන වසර සමරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා