මුද්‍රණය සඳහා

 
යටාල අතුරුදන් සිරස්පත වෙහෙර පිටුපස දිය අගලක

යටාල අතුරුදන් සිරස්පත වෙහෙර පිටුපස දිය අගලක

තිස්සමහාරාම යටාල චෛත්‍යය කෞතුකාගාරයේ තිබී අතුරුදන් වූ සිරස්පත චෛත්‍යයට පිටුපස දිය අගලකින් හමුවේ. 2011 – 09 – 09 දින මෙම බුදු පිළිමයේ සිරස කෞතුකාගාරයේ තිබී අතුරුදහන්ව ඇති බව තිස්සමහාරාම පොලිසියට පැමිණිලි කර තිබේ.

විදේශීය රටකට මෙය විකිණිමට සුදානම් වන බවට තොරතුරක් ලැබී එය චෛත්‍යය පිටුපස දිය අගලක වල දමා ඇති බවට අනාවරණය වීමෙන් පසු බුදු පිළිම සිරස ගොඩගනු ලැබීය.

චන්ද්‍රකාන්ත පාෂාණයෙන් නිම කරන ලදැයි කියන මේ සිරස යටාල චෛත්‍ය බිමේ කැණීම් කටයුතු වලින් හමුවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය පරීක්ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]