මුද්‍රණය සඳහා

 
ඇඹිලිපිටිය, කහවත්ත රෝහල්වලට පහසුකම් නොදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නවා

ඇඹිලිපිටිය, කහවත්ත රෝහල්වලට පහසුකම්
නොදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නවා

- රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

ඇඹිලිපිටිය හා කහවත්ත රෝහල්වලට යටිතල පහසුකම් ලබාදීමට මැයි පස්වැනිදාට පෙර පියවර නොගතහොත් රත්නපුර දිස්ත්‍රික්කය මූලික කොට ගෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඇඹිලිපිටිය හා කහවත්ත රෝහල්වල රෝගී සත්කාරක සේවා සඳහා පවතින පහසුකම් සංවර්ධනය කිරීම, විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිල නිවාස පහසුකම් සංවර්ධනය කිරීම සහ ඇඹිලිපිටිය රෝහල සංවර්ධනය සඳහා විධිමත් දිගු කාලීන සැලැස්මක් සකස් කිරීම යන ඉල්ලීම් මුල්කොට සංගමය මේ තීරණය ගෙන තිබේ.

තම සංගමය ඇඹිලිපිටිය රෝහලේ පෙරේදා (26) පැවැත්වූ රැස්වීමේදී මෙකී කරුණු කෙරෙහි සබරගමු පළාත් සභාව සහ රේඛීය අමාත්‍යංශයේ අවධානය යොමු කරවීමට තීරණය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඇඹිලිපිටිය රෝහලේ අලුතින් පිහිටවූ විශේෂඥ වෛද්‍ය ඒකක සඳහා පත්කළ විශේෂඥ වෛද්‍යවරුන්ට තම සේවය රෝගී ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය වාට්ටු, ශල්‍යාගාර හා සයනාගාර ඇතුළු යටිතල පහසුකම් කිසිවක් ප්‍රමාණවත් ලෙස නොලැබීමෙන් ගැටලු මතුව ඇති බවත් එම සංගමය පවසයි. රෝහලේ නිල නිවාස බොහොමයක් භාවිතා කළ නොහැකි අන්දමින් අබලන් තත්ත්වයට පත්ව ඇති බවද පවසන එම සංගමය කහවත්ත රෝහලේ තත්ත්වයද මීට නොදෙවැනි යැයිද කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]