|
||
නඩු තීන්දුව බලරහිත කරන්න ඉදිරිපත් කළ පෙත්සම ඉවතට
හෙට්ටිපොළ මහේස්ත්රාත් අධිකරණයෙන් දෙනු ලැබු නඩු තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලමින් කුරුණෑගල මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අභියාචනා ඉල්ලුම්පත විනිසුරු ලලිත් ජයසූරිය මහතා ප්රතික්ෂේප කළේය. හෙට්ටිපොළ දලුපොතවත්තේ අක්කර 75 ක පවත්වා ගෙන යන කුකුල් ගොවිපොළෙන් පරිසර හානියක් සිදුවෙනවා යැයි ස්වාමින් වහන්සේ නමක් ඇතුළු පෙත්සම්කරුවන් දහදෙනෙක් හෙට්ටිපොළ මහේස්ත්රාත්වරිය දෙන ලද නඩු තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලමින් මෙකී පෙත්සම ඉදිරිපත් කොට තිබුණි. හෙට්ටිපොළ මහේස්ත්රාත් අධිකරණයේ නඩු අංක 7190 යටතේ මෙම පෙත්සම ගොණුකර තිබුණි. වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥ ගාමිණී පොල්ගම්පොළ මහතා පෙනී සිටි අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් හේමන්ත සිටුගේ මහතා පෙනී සිටියේය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |