සෙවණගල උක් නෙළීම සුබ නැකතින්

සෙවණගල උක් නෙළීම සුබ නැකතින්

රජයට පවරා ගන්නා ලද සෙවණගල සීනි කර්මාන්තායතනයේ උක් අස්වනු නෙළීම සුබ නැකතින් ඇරැඹිණි. ඌන උපයෝගීතා වත්කම් පනත යටතේ පවරා ගනු ලැබු මෙහි මංගල අස්වැන්න කැපීම ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ඇතුළු මොනරාගල දිස්ත්‍රික් දේශපාලන නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

අස්වනු නෙළීමෙන් පසු එළැඹෙන සතියේ දී අස්වනු ඇඹරීමේ කාර්යය සිදු කෙරෙන අතර ඉන් පසුව සෙවණගල හා පැලවත්ත සීනි සමාගම් එක් කර නව සමාගමක් ආරම්භ කිරිමට ඵලදායිතා ප්‍රවර්ධන අමාතා්‍යංශය කටයුතු යොදා ඇත.

මෙහිදී අදහස් දැක්වු ඇමැතිවරයා කියා සිටියේ දැනට ප්‍රදේශයේ ගොවීන් වගා කර ඇති උක් දඩු මෙට්‍රික් ටොන් 130,000 ක් ඇඹරීම හා සීනි නිෂ්පාදනය කිරීම මේ වර්ෂය තුළ දී සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඉදිරි වර්ෂයේ දී එම ප්‍රමාණයන් ලක්ෂ 3ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද කීවේය. දැනට මෙරට සීනි නිෂ්පාදනය සියයට 6 ක් පමණ වන අතර ඉදිරි වර්ෂ දෙක තුළ එය සියයට 40 ක් දක්වා වැඩි කර ගත යුතු බවද හෙතෙම අවධාරණය කළේය. එමගින් සීනී ආනයනය සඳහා පිටරටට ඇදී යන මුදල් ඉතිරි කර ගැනීමට අවස්ථාව ලැබෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා