මුද්‍රණය සඳහා

 
කටුකැලියාව පාසලට ‘කම්මුල් ගාය’

කටුකැලියාව පාසලට ‘කම්මුල් ගාය’

ඇළහැර කටුකැලියාව සිංහල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් අතර කම්මුල්ගාය රෝගය පැතිරයාම හේතුවෙන් පෙරේදා (26) සිට පාසල වසා දැමීමට හිඟුරක්ගොඩ අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලය පියවර ගෙන ඇත.

සිංහල කටුකැලියාව ප්‍රාථමික විදුහලේ සිසුන් 86ක් ඉගෙනුම ලබන අතර එම සිසුන්ගෙන් සිසුන් 27 දෙනකුට රෝගය වැලඳී ඇති බවට හඳුනාගෙන ඇත.

මැයි 7 වැනි දින පාසල නැවත විවෘත කොට පවත්වාගෙන යන බව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා කියයි. මෙම රෝගය මර්දනය කිරීම සඳහා වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස උතුරු මැද පළාත් සෞඛ්‍ය ඇමැති පේෂල ජයරත්න මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]