දිවි නැඟුම දිස්ත්‍රික් ප්‍රදර්ශනය පොළොන්නරුවේ

දිවි නැඟුම දිස්ත්‍රික් ප්‍රදර්ශනය පොළොන්නරුවේ

“දිවි නැඟුම” ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක ගෘහ කර්මාන්ත ප්‍රවර්ධන දිස්ත්‍රික් ප්‍රදර්ශනය පොළොන්නරුව බැදිවැව මහා විද්‍යාලයීය පරිශ්‍රයේදී අද (28) ආරම්භ වෙයි.

“ඉසුරුමත් නිවහනක් – අසිරිමත් මවුබිමක්” යන්න තේමාව කර ගනිමින් මේ ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ගෘහ කර්මාන්තවල නියුතු පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම ගෘහ කර්මාන්ත සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන් දිරිමත් කිරීම එමඟින් අරමුණු කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙය පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තැබෙන අතර ගෘහ කර්මාන්ත සඳහා වෙළෙඳ පොළ හා අලෙවිකරණ පහසුකම් සැලසීම, මූල්‍ය පහසුකම් සැලසීම, උප කොන්ත්‍රාත් පහසුකම් සැලසීම හා ගෘහ කර්මාන්ත සඳහා අවශ්‍ය තාක්ෂණික පුහුණුව හා කුසලතා සංවර්ධනය කිරීම ආදී සේවාවන් මෙහිදී ලබාගත හැකි බවද එම අමාත්‍යාංශය කියයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සංවිධාන කරන මෙම ප්‍රදර්ශනය හෙට (29) අවසන් වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා