මුන්නේශ්වරම් මහ දෙවොලට දිවි සමක් පිදුවාට අත්අඩංගුවේ

මුන්නේශ්වරම් මහ දෙවොලට දිවි සමක් පිදුවාට අත්අඩංගුවේ

මුන්නේශ්වරම් ශ්‍රී ඊශ්වර මහ දේවාලයට වූ භාරයක් ඔප්පු කිරීම පිණිස වියළන ලද දිවි සමක් පූජා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වන ජීවී දෙපාර්තමේන්තු නිලධාරීහු (27) දහවල් සමත්වූහ.

පොළොන්නරුව ගිරිතලේ වන ජීවි පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන නිලධාරින් පිරිසක් මේ දිනවල ආනවිලුන්දාව කුරුළු අභය භූමියෙහි නිරීක්ෂණ චාරිකාවක නියැළී සිටි අතර ඊයේ දහවල් දේවාලය වැඳ පුදා ගැනීමට පැමිණ ඇත.

මේ අවස්ථාවේදී දේවාලයේ සැක කටයුතු කාඩ් බෝඩ් පෙට්ටියක් දැක එය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී දිවි සම සොයාගෙන ඇත. පසුව එම දිවි සම දේවාලයට පූජා කර තිබූ බව හෙළි වූ නිසා එම පූජා කළ අයද පසුව අත්අඩංගුවට ගන්නා ලදි. සැකකරු හා දිවිසම හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා