මරණ දැන්වීම්




අනුර අමරසේකර මහතා -
(කොළඹ මහාබෝධි විද්‍යාලයේ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය, නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය) මානෙල් වීරසිංහ (ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සේවය කළ) ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වුද, ටිශානා, ඕෂධී සහ නවීන්ගේ දයාබර පියාණන් වූද, භාරත, දොස්තර විමල් (කැනඩාව) නයනා (ඇමෙරිකාව) සහ දිනිති (ඇමෙරිකාව) යන අයගේ ආදරණීය සොහොයුරා වූද, කොට්ටාව ශාලාව වත්ත, 1663 නිවැසි අනුර අමරසේකර මහතා අභාවප්‍රාප්ත විය. අවසාන කටයුතු 28 වෙනි සෙනසුරාදා සවස 5 ට කොට්ටාව ආදාහනාගාරයේදී සිදු කෙරේ. 105513

පානබොක්කේ මැතිනිය - නැසීගිය කුඩා රත්වත්තේ මහතාගේ සහ එම මැතිනියගේ ආදරණීය දියණිය වූද, නැසීගිය අතුල් පානබොක්කේ මහතාගේ ආදරණීය බිරිඳ වූද, ජයන්ත පානබොක්කේ, මොහාන් පානබොක්කේ සහ ඩිහාන් පානබොක්කේ යන අයගේ දයාබර මෑණියන් වූද, කාමලිකා සහ නන්දනිගේ ආදරණීය නැන්දණිය වූද දයන්ති, ප්‍රියන්ජිත් අසිත සහ ගයත්‍රි යන අයගේ ආදරණීය අත්තම්මා වූද ලලනාවතී රත්වත්තේ පානබොක්කේ කුමාරිහාමි (ඩොලී) මැතිනිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2012.04.28 දින පස්වරු 5.00 ට මහයියාව පොදු සුසාන භූමියේ සිදුකරන බැව් දන්වා සිටිමු. (අවමගුල් පෙරහැර මෙදින පස්වරු 4.30 ට අංක 18, පී.බී.ඒ. වීරකෝන් මාවතේ පිහිටි සිය නිවසින් පිටත්වේ. 109813

එල්.එම්. එඩ්වින් (විශ්‍රාමලත් විදුහල්පති) - සිරීමාවති (විශ්‍රාමලත් පාඨශාලාචාරිණී) ගේ ස්වාමි පුරුෂයා වූද, විජිත ජයවික්‍රම (දිසා අධිකරණය ගම්පහ) ගේ දයාබර පියාවූද, ලක්‍ෂමී ජයවික්‍රම (අධ්‍යක්‍ෂ ජනරාල් - අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව) ගේ මාමණ්ඩිය වූද, චරිත (නීති විද්‍යාලය) හා පියුමි (මියුසියස් විද්‍යාලය) ගේ දයාබර සීයාවූද, කල්එළිය, දුමුන්නේ ගෙදර, අංක 465හි විසූ එල්.එම්. එඩ්වින් මහතා අභාවප්‍රාප්ත වුයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු ඌරාපොල ආදාහනාගාරයේදී 2012.04.28 දින සවස 02.00 ට සිදු කෙරේ. 110663
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා