මුද්‍රණය සඳහා

 
යාපනය එජාප මැයි රැලියට පාක්‍ෂිකයන් යන්නේ නැහැ

යාපනය එජාප මැයි රැලියට පාක්‍ෂිකයන් යන්නේ නැහැ

පළාත් සභා මන්ත්‍රී පී. ඩී. අබේරත්න

යාපනයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ මැයි දින රැලියට පාක්‍ෂිකයන්ගේ සහභාගීත්වය අඩුවන බව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී හොරණ හිටපු එජාප සංවිධායක පී. ඩී. අබේරත්න මහතා පැවසීය.

එක්සත්ජාතික පක්‍ෂය සුරැකීමේ හොරණ කාර්යාලයේ 27 දා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය. වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ ඒ මහතා අපිත් යාපනයේ පැවැත්වෙන පක්‍ෂයේ මැයි දින රැලියට සහභාගි වන්නේ නැහැ.

අප සහභාගී වන්නේ කොළඹ පැවැත්වෙන පේ‍්‍රමදාස ගුණසමරු උළෙලටයි. අතිවිශාල නිවාස සංඛ්‍යාවක්, කර්මාන්තපුර සෑදූ ප්‍රේමදාස ජනපතිතුමාට කෘතගුණ සැලකීම අපේ යුතුකමයි. යාපනය වැනි ඈත ප්‍රදේශයකට කාලය, ශ්‍රමය වැයකරමින් වැඩි පිරිසක් සහභාගී වන්නේ නැහැ. සියලුම දෙනාට ප්‍රේමදාස ගුණසමරුවට සහභාගී වන ලෙස අප ඉල්ලා සිටිනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]