වැඩකරන ජනතා ඉල්ලීම් දිනා ගනිමු

වැඩකරන ජනතා ඉල්ලීම් දිනා ගනිමු

සමාජවාදී ජනතා පෙරමුණ

‘ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කර ගනිමු’ ‘වැඩකරන ජනතා ඉල්ලීම් දිනා ගනිමු’ යන තේමාවන් ඔස්සේ සමාජවාදී ජනතා පෙරමුණ මැයි රැළියක් හා පෙළපාලිය සංවිධානය කරනු ලබයි.

ඒ අනුව මැයි (01) දා නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලින් දහවල් 1.00 ට සමාජවාදී ජනතා පෙරමුණේ පෙළපාලිය ගමන් ආරම්භ කෙරෙනු ඇත. අනතුරුව පොල්හේන්ගොඩ පාලම අසලට පැමිණ පෙළපාලිය විජයකුමාරතුංග මාවත ඔස්සේ හයිලෙවල් මාර්ගයට පිවිස කිරුළපන මහජන ක්‍රීඩාංගණය වෙත ළඟාවී එහිදී සවස 3.00 රැළිය පැවැත්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (26) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලංකා සමසමාජ පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව සමාජවාදි ජනතා පෙරමුණේ පක්ෂ කටයුතු කළත් ඒ පක්ෂවල අනන්‍යතාවය රැකීම සඳහා මෙසේ වෙනම මැයි පෙළපාලිය හා රැලිය පවත්වන බව පැවසීය.

උගත් පාඩම් ප්‍රතිසංධාන කොමිසම් වාර්තාව පළමුවෙන්ම ක්‍රියාත්මක කළ යුතු යැයි සමාජවාදී ජනතා පෙරමුණ ප්‍රකාශ කළත් එදා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, අමෙරිකාව පවා ඒ කොමිසම් වාර්තාව ප්‍රතික්ෂේප කළ බව සිහිපත් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා