හිස් මී කිරි හට්ටියක මදුරු කීටයෝ නිවැසි කතට රුපියල් 3000ක් දඩ

හිස් මී කිරි හට්ටියක මදුරු කීටයෝ නිවැසි කතට රුපියල් 3000ක් දඩ

ස්වාමිනි

හිස් මී කිරි හට්ටියක් බල්ලෙක් ගෙනවිත් විත්තිකරුගේ ඉඩමට දමලා පැනලා ගිහින්. තණකොළ ගොඩේ තිබුණ හිස් කිරි හට්ටියේ වැසි ජලය රැඳීලා ඩෙංගු මදුරු කීටයන් බෝවෙලා යැයි පවසමින් සෞඛ්‍ය පරීක්ෂකවරයා නඩුවක් දාලා.

හරිනම් බල්ලටයි නඩු දාන්න තිබුණේ යැයි නීතිඥවරයා පානදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා හමුවේ පැවසීය. වාද්දුවේ පදිංචිකාරියක් මේ නඩුවෙන් චෝදනා ලබා සිටියේ ඩෙංගු මදුරුවන් එම කාන්තාවගේ ඉඩමේ බෝවීමට ඉඩ හැරීම සම්බන්ධයෙනි.

විත්තිකාරිය චෝදනාවට වරද පිළිගන්නේදැයි මහේස්ත්‍රාත් විමසුවාය. චෝදනාවට වරද පිළිගන්නා බව ඇය අධිකරණයට කීවාය. ඇයට අවවාදයක් කරන්න යැයි නීතිඥවරයා අධිකරණයට පැවසීය. චෝදනාවට වරද පිළිගත් නිසා රුපියල් තුන්දහසක දඩයක් මහේස්ත්‍රාත්වරයා නියම කෙළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා