මුද්‍රණය සඳහා

 
මන්ද මානසික යුවතියකට අතවර කළැයි නඩුවේ තීන්දුව ලබන 30 වැනිදා

මන්ද මානසික යුවතියකට අතවර කළැයි නඩුවේ තීන්දුව ලබන 30 වැනිදා

පැමිණිලිකාරිය සියලු තොරතුරු අධිකරණ වෛද්‍ය නිලධාරියාට පවසලා

මනස සෙමෙන් වැඩෙන තරුණියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවක් විභාග කළ ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලී වික්‍රමිංහ මහත්මිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මෙම 30 වැනි දිනට කල් තැබුවාය.

2003 පෙබරවාරි 7 හෝ ඊට ආසන්න දිනයක දී එම තරුණිය නිවෙසේ තනිව සිටි අවස්ථාවකදී අසල්වැසියකු ඇයට අතවර කිරීම සම්බන්ධයෙන් එම සැකකරුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබුණි.

නඩු විභාගයේදී රජයේ නීතිඥ දම්තිනි ද සිල්වා මෙනවිය අධිකරණයට කරුණු දක්වමින් පැමිණිලිකාරිය තමාට වූ අතවරය පිළිබඳ සියලු තොරතුරු අධිකරණ වෛද්‍යවරයාට පවසා ඇතැයිද කීවාය.

අගතියට පත් තැනැත්තිය කිසියම් අයකුගේ ඉගැන්වීමකින් තොරව අධිකරණ වෛද්‍යවරයාට තමාට සිදුවූ අතවරය ගැන සාක්කි ලබාදී ඇති බවද රජයේ නීතිඥවරිය කීවාය.

පෙර පැවති නඩු වාර්තා රාශියකින් කරුණු ඉදිරිපත් කළ විත්තියේ නීතිඥ මෙම චෝදනාව සැකයෙන් තොරව ඔප්පු කර නැතැයි ද කීය. විත්තිකරු නිදහස් කරන ලෙසද ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේ කරුණුවලට සවන් දුන් මහාධිකරණ විනිසුරු පියසිලි වික්‍රමසිංහ මහත්මිය නඩුවේ තීන්දුව මෙම 30 වැනි දින ප්‍රකාශ කරන බව ප්‍රකාශ කළාය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]