මුද්‍රණය සඳහා

 
විදෙස් වොලිබෝල් පිලක් අද රත්නපුරයට

වසර 20කට පසුව ප්‍රථම වතාවට

විදෙස් වොලිබෝල් පිලක් අද රත්නපුරයට

සංචාරක ඉන්දීය යුද හමුදා වොලිබෝල් කණ්ඩායම හා ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායම අතර තරගය අද (28) කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඉන්දීය යුද හමුදා වොලිබෝල් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවැනි හා අවසාන තරගය වන මෙය පස්වරු 3.00 ට ආරම්භ වෙයි.

දෙපිල අතර පෙරේදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් වට 3 - 2ක ජයක් ශ්‍රී ලංකාවට හිමි විය. විදේශීය වොලිබෝල් කණ්ඩායමක් රත්නපුරට පැමිණෙන්නේ වසර 20කට පසුව ප්‍රථම වතාවටය.

සබරගමුව පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය සංවිධානය කරන මෙම වොලිබෝල් තරඟය තාක්ෂණ හා පර්යේෂණ ඇමතිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ විදුලි බල හා බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]