රාජකීය විදුහල් රගර් පිලට ‘කියා’ මෝටර්ස් අනුග්‍රහය

රාජකීය විදුහල් රගර් පිලට ‘කියා’ මෝටර්ස් අනුග්‍රහය

රාජකීය විද්‍යාලයීය පළමුපෙළ රගර් කණ්ඩායමට පූර්ණ අනුග්‍රහය ලබාදීමට කියා (KIA) මෝටර්ස් සමාගම ඉදිරිපත්වී සිටියි. ඒ අනුව මෙවර අන්තර් පාසල් රගර් තරග සඳහා රාජකීය විදුහල් පිල සහභාගි වනුයේ කියා අනුග්‍රාහකත්වය යටතේය.

පසුගියදා රාජකීය විදුහලේදී මේ අනුග්‍රාහකත්වය පිරිනැමීමේ උත්සවය පැවැත්විණි. එහිදී කියා මෝටර්ස් (ලංකා) අධ්‍යක්‍ෂ ජේ. එම්. ස්වාමිනාදන් මහතා විසින් සංකේතාත්මක අනුග්‍රාහක චෙක්පත රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා වෙත පිරිනමනු ලැබූ අයුරු.

රාජකීය විදුහලේ රගර් උපදේශක මණ්ඩලයේ සභාපති ජෙහාන් කනගරත්න, මහ ලේකම් ජනෝද තෝරදෙණිය, කියා මෝටර්ස් (ලංකා) සභාපති අජිත් ජයරත්න, කළමනාකාර අධ්‍යක්‍ෂ මහේන් තම්බයියා සහ රාජකීය විදුහල් රගර් උපදේශක මණ්ඩලයේ සාමාජික අජිත පැස්කුවෙල් යන මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා