වසර 13ක් මෙරට රගර් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අතහිත දුන්නා

වසර 13ක් මෙරට රගර් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අතහිත දුන්නා

- කිෂූ ගෝමස්

අන්තර් සමාජ ලීග් සහ පිලිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලි සඳහා ලබාදුන් අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බව කැල්ටෙක්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වසර 13ක් පුරා ශ්‍රී ලංකා රගර් සංගමය සමග අත්වැල් බැඳගනිමින් දීර්ඝතම කාලයක් මෙරට ක්‍රීඩාවකට අනුග්‍රාහකත්වය සැපයූ වෙළෙඳ ආයතනය බවට පත්වීමට කැල්ටෙක්ස් ආයතනයට හැකිවූ බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කිෂූ ගෝමස් මහතා එම නිවේදනයෙන් කියා සිටියි.

2000 වසරේ සිට මෙරට අන්තර් සමාජ ලීග් සහ පිළිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලි තුල නිල සහකරු ලෙස කැල්ටෙක්ස් ආයතනය කටයුතු කළේය.

මෙරට රගර් ක්‍රීඩාවේ දුෂ්කරම අවස්ථාවක දී ඉදිරියට පැමිණ ක්‍රීඩාවේ දියුණුවට අතහිත දීමට හැකිවීම සතුටක් බවත්, ක්‍රීඩාව තව තවත් දියුණුව කරා ගෙනයාමට රගර් සංගමයේ නව නිලධාරී මණ්ඩලයට සුබපතන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා