තෙන්ඩුල්කර් පාර්ලිමේන්තුවට

තෙන්ඩුල්කර් පාර්ලිමේන්තුවට

ඉන්දියාවේ ඉහල මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය සභාවට සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ඇතුළත්ව සිටී. ටෙන්ඩුල්කාර් පෙරේදා ඉන්දීය අගමැති මන්මෝහන් සිං මුණගැසුනු අවස්ථාවේදී රාජ්‍ය සභාවට නම් කරන කොටසේ ආසනයක් ඔහුට යෝජනා කර තිබේ.

එම ආරාධනාව ටෙන්ඩුල්කාර් විසින් පිළිගැනීමෙන් පසුව එම යෝජනාව අගමැති කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලයට යොමු කෙරුණු අතර ඉන්දියා ජනාධිපතිවරයා එම නාම යෝජනාව අනුමත කර තිබේ.

මේ අනුව ටෙන්ඩුල්කාර් කලාව, විද්‍යාව හා ක්‍රීඩාව වැනි අංශවල සුපිරි දස්කම් දක්වන්නන් වෙනුවෙන් වෙන්කර ඇති රාජ්‍ය සභාවේ ආසන 12න් එකක් පුරවනු ඇත. මේ ආසනයක් හිමි වූ පළමු ක්‍රීඩකයා ටෙන්ඩුල්කාර් වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා