ලොව අංක 1 ටෙනිස් ශූරිය කම්පා වෙයි

ලොව අංක 1 ටෙනිස් ශූරිය කම්පා වෙයි

අසරෙන්කා

ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකා වික්ටෝරියා අසරෙන්කා ස්ටුට්ගාට්න් ලෝක ටෙනිස් සංගම් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිය ද ඇගේ ප්‍රතිවාදී ක්‍රීඩිකා ජර්මනියේ ඇන්ඩ්‍රියා පෙට්කොවික් බරපතළ තුවාල ලබා තරගාවලියෙන් ඉවතට වීසි වීම පිළිබඳව කම්පාවට පත්ව ඇත.

අසරෙන්කා 6-2කින් තරගයේ පළමු වටය ජය ගත්ත ද දෙවැනි වටයේ ලකුණු තත්ත්වය 4-4 ක් ලෙසින් සමව තිබියදී පෙට්කොවික් ගේ දකුණු වළලු කර පෙරැළි ඇය වේදනාවෙන් කෑගසන්නට වූවාය. ඇය තරග බිමෙන් පිටව ගියේ ඉතාමත් අමාරුවෙනි.

“මට එයා ගැන හරිම දුකයි” පෙට්කොවික් තරග බිමෙන් ඉවතට ගෙන යාමට උපකාර කළ අසරෙන්කා කියා සිටියා ය. “ඇය විශිෂ්ට ක්‍රීඩිකාවක්. එයා ඉක්මනට සනීප වේවි කියා මා ප්‍රාර්ථනා කරනවා.”

කොන්දේ ආබාධයකින් පෙළෙමින් සිටි පෙට්කොවික් පසුගිය සති අන්තයේ යළි තරග බිමට පිවිසියේ මාස තුනකට පසුවය. 2008 වසරේ දී ද ඇය දණහිසේ ආබාධයකට ලක් වූවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා