චන්ඩර්පෝල් ටෙස්ට් ලකුණු 10,000 යි

චන්ඩර්පෝල් ටෙස්ට් ලකුණු 10,000 යි

බටහිර ඉන්දීය කොදෙව් පළපුරුදු පිතිකරු ෂිවනර්න් චන්ඩර්පෝල් ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ලකුණු 10,000ක් ලබාගත් 10 වැනි ක්‍රීඩකයා බවට පත්විය.

37 හැවිරිදි මේ පිතිකරුවා ලකුණු දස දහසේ කඩ ඉමට පිවිසියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව වින්ඩ්සර් පාක්හි පැවැති තෙවැනි හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේදීය. එහෙත් ඔහු ලකුණු 13කට දැවී ගියේ ය.

මෙය චන්ඩර්පෝල්ගේ 140 වැනි ටෙස්ට් තරගය විය. ඔහු ප්‍රථම වතාවට ටෙස්ට් තරග බිමට පිවිසියේ එංගලන්තයට එරෙහිව ජෝර්ජ් ටවුන්හිදී 1994 වසරේදීය.

ටෙස්ට් ශතක 25ක්හා අර්ධ ශතක 57ක් වාර්තා කර ඇති චන්ඩර්පෝල් 49.83ක සාමාන්‍යයක් සටහන් කර තිබේ. නොදැවී ලබා ගෙන ඇති ලකුණු 203 ඔහුගේ හොඳම ඉනිම ලෙස වාර්තා වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා