මුද්‍රණය සඳහා

 
සංගක්කාරගේ ඩෙකාන් චාජර්ස් අයි.පී.එල්. පළමු ජය වාර්තා කරයි

සංගක්කාරගේ ඩෙකාන් චාජර්ස් අයි.පී.එල්. පළමු ජය වාර්තා කරයි

කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ඩෙකාන් චාජර්ස් පිල ලකුණු 18 කින් පූනෙ වොරියර්ස් පිල පරදවමින් මෙවර ඉන්දීය පි‍්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඔවුන්ගේ ප්‍රථම ජය වාර්තා කළේ ය.

මේ ජයග්‍රහණයට පෙර ඩෙකාන් පිල පිට පිට පරාජ 5 ක් ලබා ගෙන සිටියේ ය. ඔවුන් ප්‍රථම ජයග්‍රහණය කරා ගෙන ගියේ පන්දු 46 කින් ලකුණු 78 ක් ලබා ගත් කැමරන් වයිට් ය.

එය, වයිට් මේ තරගාවලියේ වාර්තා කළ පළමු සැලකිය යුතු දායකත්වය විය. පළමුව පන්දුවට පහර දුන් ඩෙකාන් පිල කඩුලු 4 කට ලකුණු 177 ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් පූනෙ වොරියර්ස් පිලට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 159 ක් පමණි. විශිෂ්ට පිති හරඹයක නියැළුනු වයිට්, හතරේ පහර 6 ක් හා හයේ පහර 5 ක් එල්ල කළේ ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]