මුද්‍රණය සඳහා

 
ලන්ඩන් මැරතන් තරගයේදී මිය ගිය ක්‍රීඩිකාව වෙනුවෙන් මුදල් ගලා එයි

ලන්ඩන් මැරතන් තරගයේදී මිය ගිය ක්‍රීඩිකාව වෙනුවෙන් මුදල් ගලා එයි

පසුගිය සතියේ පැවැති ලන්ඩන් මැරතන් තරගය අතරවාරයේ මිය ගිය තරගකාරියක වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගෙන් පවුම් 300,000ක (ඩොලර් 484,000) මුදලක් එකතු වී ඇත.

මධ්‍යම එංගලන්තයේ උතුරු කිල්වර්ත්හි 30 හැවිරිදි කොණ්ඩ සකසන්නියක වන ක්ලෙයා ස්කොයර්ස් සැතපුම් 26.2ක තරගයේ අවසන් අදියරට පැමිණෙමින් සිටියදී ලන්ඩනයේ සාන්ත. ජේම්ස් පාක් අසලදී බිම ඇද වැටිණි.

අනාථයන්ට සරණවන්නන් වෙනුවෙන් තරග වැදුනු ඇය නැවත ප්‍රාණවත් කිරීමට වෛද්‍යාධාර සපයන්නන් උත්සාහ ගත්තද ඇය එතැනම මිය ගියාය. එතැන් පටන් ඇය වෙනුවෙන් මිනිත්තුවකට පවුම් සිය ගණනින් මුදල් ගලා ඇවිත් තිබේ.

ඇය අනාථයන්ට සරණවන්නන් වෙනුවෙන් මැරතන් තරගයට සහභාගි වී ඇත්තේ ඇගේ මව එම ආයතනයට වසර 20කට වැඩි කාලයක් තිස්සේ ස්වේච්ඡාවෙන් සේවය කරමින් සිටි නිසාය. ප්‍රමාණයට අධික බෙහෙත් පාවිච්චි කර 2001 වසරේදී මිය ගිය සිය සහෝදරයා වෙනුවෙන්ද එම ආයතනයට ආධාර කිරීමට ස්කොයර්ස් පෙළඹී සිටියාය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]