ධර්මරාජ විදුහලට 83–0ක ජයක්

ධර්මරාජ විදුහලට 83–0ක ජයක්

බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවති බී කොටසේ පාසල් රගර් තරගයකින් මහනුවර ධර්මරාජ විදුහල විසින් කොළඹ කේරි විදුහල පරදවා ලකුණු 83 (ගෝල් 4 උත්සහක 11) – 0 ක පහසු ජයක් වාර්තා කරනු ලැබීය.

පළමු භාගය අවසානයේ ධර්මරාජ පිල ලකුණු 50 – 0 වශයෙන් ඉදිරියෙන් සිටියේය. මෙම තරගයේදී කේරි විදුහල දුර්වල තරග රටාවක් තරගයේ මුල සිටම පෙන්නුම් කළ අතර සමස්ත ලංකා පාසල් සත් සාමාජික රග්බි තරග ජයගත් ධර්මරාජ ක්‍රීඩකයින් මනා සැලසුම් සහගත තරග රටාවක් අනුගමනය කරනු දැකිය හැකි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා