මාතර ‘ටොප් 20’ අයෝමය ශූරයා තේරීම අද මාතරදී

මාතර ‘ටොප් 20’ අයෝමය ශූරයා තේරීම අද මාතරදී

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සංගමයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන “මාතර ටොප් 20” විවෘත අයෝමය පුරුෂයා තේරීම අද (28) මාතරදී පැවැත්වේ.

පෙරවරු 9ට අවසන් පූර්ව තරගය මාතර සමූපකාර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර එහිදී තෝරා ගනු ලබන අවසන් 20 දෙනා අවසන් මහා තරඟය සඳහා තෝරා ගැනීමට නියමිතය.

මාතර මිලේනියම් ක්‍රීඩා සමාජය මෙය සංවිධානය කරනු ලබයි. අවසන් මහා තරඟය එදින පස්වරු 4ට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී පළමු ස්ථානය දිනා ගන්නා ක්‍රීඩකයාට සූරතා කුසලානය සමඟින් මුදලින් රුපියල් 35,000ක්ද, දෙවන ස්ථානය සඳහා මුදලින් රුපියල් 30,000ක් හා තෙවන ස්ථානය සඳහා මුදලින් රුපියල් 25,000ක්ද පිරිනැමීමට නියමිතය.

තවද සිව්වන ස්ථානයේ සිට 20වන ස්ථානය දක්වා මුදලින් රුපියල් 2000 බැගින්ද පිරිනමන බව කාය වර්ධන හා ශාරිරික සංගමයේ සභාපති කපිල කුමාර මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා