මෝටර් රථ ධාවන ශූරයන් 4ක් සියැට් ධාවන කණ්ඩායමට

මෝටර් රථ ධාවන ශූරයන් 4ක් සියැට් ධාවන කණ්ඩායමට

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ධාවන ශූරයන් වන නිෂාන් වාසලතන්ත්‍රි, තමීල් හුසේන්, ලුතිනන් කර්නල් දුමින්ද ජයසිංහ සහ ඩබ්ලිව්. ඒ. පී. රංගන මේ වසරේ පැවැත්වෙන තාර ධාවන පථ තරග සහ බොරළු ධාවන පථ තරග සඳහා සියැට් ධාවන කණ්ඩායම සමග එක්වී සිටිති.

සුපිරි යතුරුපැදි ධාවන ශූරයකු වන ගයාන් සඳරුවන් ද සියැට් කණ්ඩායමට එක්වී සිටින අතර ශ්‍රී ලංකා රේසිං මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයන්ගේ සංගමය 2013 වසරේදී සංවිධානය කරන කණ්ඩායම් තරග සඳහා තරග වැදීමට අපේක්ෂාවෙන් සිටියි.

දැනටමත් මෝටර් රථ ධාවන ශූරයන් 17 දෙනෙකු සියැට් අනුග්‍රාහකත්වය යටතේ තරග වැදීමට සියැට් කැලණි සහ ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය සමග ගිවිසුම් ගතවී සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා