|
||
කොළොන්නාවේ ගුරුවරිය මැරූ මෙහෙකාරිය මාතලේදී අල්ලයි
කොළොන්නාව වැල්ලම්පිටිය ප්රදේශයේ විශ්රාමික ගුරුවරියක ඝාතනය කර ඇගේ දේපළ මුදල් පැහැරගෙන ගිය බව කියන මෙහෙකාර කාන්තාව මාතලේ ප්රදේශයේදී ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය ජංගම දුරකථන දෙකක්, රත්රන් මාලයක්, මුදල් සහ වටිනා දේපළ පැහැරගෙන ගිය බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණ. ඝාතනයෙන් පසු මෙහෙකාරිය මාතලේ ප්රදේශයට ගොස් සැඟවී සිට ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. මාතලේ පොලිසියේ නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලම්පිටිය පොලිසියට සැකකාරිය බාරදීමට නියමිතය. මාතලේ නොවිසඳුණු අපරාධ ඒකකයේ පොලිස් පරීක්ෂක සුනිල් ඒකනායක, පොලිස් සැරයන් 56994 දිසානායක, පොලිස් සැරයන් 30692, පොලිස් කොස්තාපල් 56836 උපුල් පොලිස් කොස්තාපල් 46583 මඩවල මහත්වරු වැටලීම සිදු කළහ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |