බණ්ඩාරවෙල පාසල් සිසුවකු හොර සල්ලි අච්චු ගහලා

බණ්ඩාරවෙල පාසල් සිසුවකු හොර සල්ලි අච්චු ගහලා

ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු මුද්‍රණය කළ බණ්ඩාරවෙල සාම චේතියගම ප්‍රදේශයේ පාසල් සිසුවකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (26) ඔහුගේ නිවස වටලා පරිගණක යන්ත්‍රයක් ඇතුළු උපකරණ කට්ටල තොගයක්, ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු 2ක් හා විශේෂිත කඩදාසි 210ක් සොයා ගැනීමට බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමත් වූහ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ විදුහලක ඉගෙනුම ලබන 17 හැවිරිදි මේ සිසුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටි අයකු බවද පොලිසිය කියයි. මෙහි ප්‍රධාන සැකකරු සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

බණ්ඩාරවෙල විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුමිත් කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකර තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා