මුද්‍රණය සඳහා

 
බින්ලාඩන් පවුල සවුදි අරාබියට පිටුවහල්

බින්ලාඩන් පවුල සවුදි අරාබියට පිටුවහල්

අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් ඝාතනයෙන් වසරකට ආසන්න කාලයකින් පසු ඔහුගේ පවුලේ සෙස්සන් ඊයේ උදේ පාකිස්තානයෙන් සවුදි අරාබියට පිටුවහල් කළ බව බලධාරීන් ප්‍රකාශ කර ඇත.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට උතුරින් පිහිටි අබොට්ටාබාද් හිදී ඉකුත් මැයි දෙවන දා එක්සත් ජනපද රහස් හමුදා මෙහෙයුමකින් බින්ලාඩන් ඝාතනය කෙරුණු තැන් පටන් පාකිස්තානයේම රඳවා සිටි ඔහුගේ වැන්දඹුවන් තිදෙනා හා ඔවුන්ගේ දරුවන් මෙසේ සවුදියට යවා තිබේ.

මීට කලින් පාකිස්තාන ‍බලධාරීන් විසින් බින් ලාඩන් සිටි නිවස බිමට සමතලා කරන ලදී .


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]