මුද්‍රණය සඳහා

 
ඔරිස්සා ප්‍රාන්ත මන්ත්‍රීට මාඕවාදී ගරිල්ලන්ගෙන් නිදහස

ඔරිස්සා ප්‍රාන්ත මන්ත්‍රීට මාඕවාදී ගරිල්ලන්ගෙන් නිදහස

නැ‍‍ඟෙනහිර ඉන්දීය මාඕවාදී ගරිල්ලන් විසින් පැහැරගෙන ගොස් මාසයකට වැඩිකාලයක් ප්‍රාණ ඇපකරුවකු ලෙස රඳවා ගනු ලැබ සිටි ඔරිස්සා ප්‍රාන්ත ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන 37 හැවිරිදි ජිනා හිකාකා පෙරේදා මුදා හැර තිබේ.

මෙතෙක් දිනක් ඔහු සඟවා ගෙන සිටි වනගත තිප්පොළෙන් බැහැර වීමට ගරිල්ලන් ඔහුට ඉඩදී ඇත. “මං දැන් නිදහස් මිනිහෙක්. ඔවුන් මට වධහිංසා කළේ නැහැ. මට හොඳට සැලකුවා යැයි වෙහෙසට පත් ස්වරූපයකින් පසුව ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ සිය බිරිය සමඟ පිටත්ව යාමට කලිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]