|
||
ජෝර්දාන අගමැති කසාවේ ඉල්ලා අස්වෙයි
ප්රතිසංස්කරණවාදී රජයක් පිහිටුවන බවට ප්රතිඥා දෙමින් මීට හය මසකට පමණ ඉහතදී ජෝර්දානයේ අගමැති ධුරයට පත් අව්න් කසාවේ පෙරේදා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. පුරප්පාඩුවූ ඇති අගමැති තනතුර සදහා දෙවන අබ්දුල්ලා රජු විසින් 63 හැවිරිදි ෆේයිස් තරාවේ පත්කර ඇත. මොහු 1990 ගණන්වලදිත් ජෝර්දාන් අගමැති ධුරය හොබවා ඇත. ඔහුට නව රජයක් පිහිටුවීමට කටයුතු කරන ලෙස රජතුමා උපදෙස්දී තිබේ. අගමැති කසාවේ ධුරයන් ඉල්ලා අස්වීමට හේතුව පැහැදිළි කර නැතත් වත්මන් පාර්ලිමේන්තු සැසි වාරය ජූනි 25 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට රජතුමා තීරණය කිරීම සම්බන්ධයෙන් ඔහු නොසතුටට පත්වීම ඊට හේතුව ලෙස ඇතැම්හු පෙන්වා දෙති. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |