|
||
බුදුරජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රා ධාතූන් ප්‍රදර්ශනයට
කොළඹ විද්‍යෝදය පිරිවෙනේ දී බුදුරජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රා ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම ඊයේ (06) ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ් ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. පාත්‍රා ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම අද (07) දින පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා සිදු කෙරේ. මෙහිදී විද්‍යෝදය පිරිවෙන් පරිවේනාධිපති අම්බලන්ගොඩ සෝභිත නාහිමියෝ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිස මත තබා ආශිර්වාද කළහ. අම්බලන්ගොඩ සෝභිත නාහිමියෝ මෙහිදී ප්‍රකාශ කළේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම සඳහා විශාල කැපවීමක් කළ බවයි. මේ වනවිට ආරක්ෂක ලේකම්වරයා නාගරික සංවර්ධන අමාත්‍යාංශය හරහා කොළඹ නගරය අලංකාරවත් කරමින් සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. 1882 වර්ෂයේ දී පාත්‍රා ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට ලැබුණු බව මෙහිදී අනාවරණය විය. ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි, මහා සංඝරත්නය, මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |