සන්නිවේදන කුලුනු ආශ්‍රිත අකුණු අනතුරු වැඩි කතාව බොරුවක්

සන්නිවේදන කුලුනු ආශ්‍රිත අකුණු අනතුරු වැඩි කතාව බොරුවක්

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට

සන්නිවේදන කුලුනු ආශ්‍රිතව අකුණු අනතුරු සිදුවීමේ වැඩි අවදානමක් පවතින බවට කරන ප්‍රකාශවල කිසිදු පදනමක් නැතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන කුලුනු 5000 ක් පමණ පවතින බවද ඒවා සියල්ල ඉදිකර ඇත්තේ අන්තර් ජාතික ප්‍රමතීන්ට අනුකූලව බවද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා “දිනමිණ” ට පැවසීය.

මෙම සන්නිවේදන කුලුනු ආශි‍්‍රතව සිදුවන අකුණු ගැසීම් භූගත කිරීම සදහා අදාළ කුළුණෙහි කම්බි ආධාරක සවිකර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ඇතැම් පුද්ගලයන් විසින් එම කම්බි කපාගෙන යාම හේතුවෙන් අනතුරු දායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවද සදහන් කළේය.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරියේදී ඒ පිළිබද විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කරන බවද කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා