අපේකම අපේ දෙය අමතක නොකර පෙරට යාම තරුණ පරපුරේ හා මවුපියන්ගේ වගකීමක්

අපේකම අපේ දෙය අමතක නොකර පෙරට යාම තරුණ පරපුරේ හා මවුපියන්ගේ වගකීමක්

 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැවුරුකන්නල දී කියයි

තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය අවසන් කර බෞද්ධයනට වගේම අනෙකුත් සියලු ආගමිකයන්ට නිදහසේ තම ආගම දහම අදහන්න, ජීවත්වන්න හැකි සාමකාමී පරිසරයක් අද නිර්මාණය වෙලා තිබෙන්නේ යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

දික්වැල්ල වැවුරුකන්නල බුදු රජමහා විහාරස්ථානයේ රන්වන් මොසැයික් ආලේපය ආලේපනය කළ සියක් රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම නිමිත්තෙන් (05) වෙසක් පුන් පොහෝදින පැවැති පුණ්‍යෙීත්සවයේ දී විශේෂ ආරාධිත අමුත්තා ලෙසට සහභාගිවෙමින් එසේ පැවසූ නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

මෙවන් විශාල පුණ්‍යකර්මයන්ට තබා මලක් පහනක් පූජා කර පිනක් දහමක් කර ගැනීමට විහාරස්ථානයකට පූජනීය ස්ථානයකට අපට අපේ රටවැසියන්ට එන්ට යන්ට තිබුණේ ලොකු බියක් සැකක් බව අපට අමතක නැහැ. අපේ පූජනීය ස්ථානවලදී පවා මිනිමරු කොටි ත්‍රස්තවාදීන් අහිංසක බැතිමතුන් ඝාතනය කළ හැටි අපට අමතක නැහැ.

අද වැනි උතුම් පෝ දිනක් මෙසේ සාමකාමීව උරුම කර දුන් දායාදයක් රැකගෙන අනාගත පරම්පරාවලටත් උරුම කර දීමයි අපේ යුතුකම හා වගකීම වන්නේ.

අපේ රට අද පවතින්නේ් නිදහස් නිවහල් රටක් හැටියට ආශ්චර්යවත් රටක් කරා යන ගමනකයි.

නාගරිකරණයෙන් අපේ තරුණ ප්‍රජාව අපේ දෙයින් දැයේ දෙයින් ඈත්වන ස්වභාවයකුයි දක්නට ලැබෙන්නේ. නව ලෝකයක් කරා අප යන ඒ ගමනේ දී අපේ කම අපේ දෙය අමතක නොකර ගමන් කිරීම තරුණ පරපුරට වගේම එයට මඟ පෙන්වීම මවුපියන්ටත් වැඩිහිටියන්ටත් තිබෙන වගකීමක්. ආගම දහම හඳුනන දේශීයත්වය අමතක නොකරන මවුපියන්ට වැඩිහිටියන්ට ගරු කරන සදාචාරාත්මක තරුණ සමාජයක් ගොඩනැගීම රැක ගැනීම ජනාධිපතිතුමාගේ පරම අපේක්ෂාවයි. අප සැමගේත් ව්‍යායාමය විය යුත්තේත් එයයි.

අප කුඩා කාලයේ බෙලිඅත්තේ සිට මේ විහාරස්ථානය ඉදිරිපිටින් යන එන විට මාත් මල්ලිලාත් අපේ අම්මාත් තාත්තාත් නොවරදවා මේ විහාරස්ථානයටත් එක්ක එනවා. ඒ කාලයේ අපි මේ විහාරස්ථානයේ නම හරිහැටි දන්නේත් නැහැ. මාත් මල්ලිලාත් මේ පන්සල හඳුන්වන්නේ අද මේ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ තිබුණ ලොකු බුදු හාමුදුරුවන් ඉන්න පන්සල කියායි.

අපේ සීයා ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාත් මේ විහාරස්ථානය හා මෙහි වැඩ සිටි නායක ස්වාමීන් වහන්සේලා සමඟ සමීප සම්බන්ධයක් පවත්වා තිබෙනවා.

විසිඑක්වන සියවසේ නූතන රටක් කරා යන තාරුණ්‍යයන් සිටින අපේ රටේ මේ ශ්‍රේෂ්ඨ පින්බිම වැවුරුකන්නලට දික්වැල්ලට දකුණට පමණක් නොව බෞද්ධ ශිෂ්ඨාචාරයක් තිබෙන ලෝකයේ තිබෙන ඕනෑම බෞද්ධ රටකට මහත් ආශිර්වාදයක්. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා -

මෙය මහා ආනුභාව සම්පන්න අවස්ථාවක්. මීට වසර (43)ට පෙර මෙම විහාරස්ථානයේ එවකට නායක හිමි දික්වැල්ලේ විමලතිස්ස හිමිපාණන් වහන්සේ මේ බුද්ධ ප්‍රතිමාව ආරම්භ කළා. ඊටපසු (2600) බුද්ධ ජයන්ති පුණ්‍යෙීත්සවය නිමිතිකර වත්මන් විහාරාධිපති දික්වැල්ලේ තිස්ස හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රතිමා වහන්සේ ස්වර්ණාලේපිත කිරීම මේ ජනවාරි (08) දා ආරම්භ කළා. නිමා කරන්න ගත උනේ දින (119)ක්. මේ සඳහා ඇපකැප වූ දායක වූ සැමට පින්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා