වෙසක් සිරි නරඹන්න ලක්ෂ 15කට අධික ජන ගඟක් කොළඹ ඇවිත්

වෙසක් සිරි නරඹන්න ලක්ෂ 15කට අධික ජන ගඟක් කොළඹ ඇවිත්

2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ වෙසක් පොහෝ දිනයේ වෙසක් සිරි නැරඹීම සඳහා ලක්ෂ 15 කට අධික ජනතාවක් කොළඹට පැමිණ ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ට අමතරව රථවාහන මෝටර් සයිකල් සහ පාපැදි ලක්ෂ 5 කට අධික සංඛ්‍යාවකින් කොළඹ නගරයේ වෙසක් අසිරිය නැරඹීම සඳහා පැමිණ ඇත. මේ නිසා මෑත කාලයේ කොළඹ නගරයේ සිදු වූ දැවැන්තම රථ වාහන තදබදය ගෙවුනු 05 වැනිදා වාර්තා විය.

වැඩිම රථවාහන තදබදය පැවතියේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ය.

බෞද්්ධාලෝක වෙසක් කලාපය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධානය කළ අතර වෙසක් කූඩු ප්‍රදර්ශනයක් සහ විශේෂිත වූ සැරසිලි වලින් සමන්විත විය. දිගින් කිලෝ මීටර් 4 ක පමණ වෙසක් කලාපයක් බෞද්ධාලෝක මාවත දෙපස ඉදිකර තිබුණි. බත් දන්සල්, සිසිල්බීම, කෝපි, අයිස්ක්‍රීම් ආදි විවිධාකාර වූ දන්සැල් රැසක් මග දෙපස තිබුණු අතර මේවායේ රැදුණු මහජනතාව නිසා එහි රථවාහන තදබදය දෙගුණ තෙගුණ විය. ඊයේ (06) සහ අද (07) දෙදින තුළ ද වෙසක් අසිරිය නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව මීට වඩා වැඩි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා