මුද්‍රණය සඳහා

 
වේයන්ගොඩ බේකරි හිමියාගේ නිවෙසින් රන් ආබරණ සොරකම් කළ සේවකයා අල්ලයි

වේයන්ගොඩ බේකරි හිමියාගේ නිවෙසින් රන් ආබරණ සොරකම් කළ සේවකයා අල්ලයි

සොයුරියගේ රන් අබරණත් උකස් කළ බව අනාවරණය වෙලා

කෑගල්ල සිට පැමිණ, වේයන්ගොඩ පත්තලගෙදර ප්‍රදේශයේ බේකරියක සේවය කරන අතරතුර බේකරි හිමියාගේ නිවසට ඇතුළුවී රන් භාණ්ඩ සොරාගෙන උකස් කර ජයටම අවුරුදු කෑ බව කියන බේකරි සේවකයකු රිමාන්ඩ් භාරයට පත්කිරීමට අත්තනගල්ල අතිරේක දිසා විනිසුරු බී. ඩී. ආර්. සිසිර කුමාර මහතා නියෝග කෙළේය.

කෑගල්ල ගලිගමුවේ පදිංචි අයකු මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරිණි. සැකකරු මෙම රන් භාණ්ඩ සොරාගෙන ඇත්තේ පසුගිය සිංහල අලුත් අවුරුදු උත්සවයට පෙර වුවද, බේකරි හිමියා තම රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බව දැනගෙන ඇත්තේ අවුරුදු දිනට පසුවය. ඒ වනවිට සැකකරු එම භාණ්ඩ උකස් කර ගමේ ගොස් ජයටම අවුරුදු කා යළිත් බේකරියේ සේවයට පැමිණ ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී බේකරි හිමියාගේ රණ් භාණ්ඩ පමණක් නොව සැකකරු කෑගල්ල ගලිගමුවේ පදිංචි තම සොහොයුරියකගේ නිවෙසකින් රුපියල් විසිනවදහසක් වටිනා රන් අබරණ සොරාගෙන උකස් කර ඇති බවට පාපොච්චාරණය කළ බවද පැමිණිල්ල ඉදිරිපත් කළ වේයන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂක සුනිල් පේ‍්‍රමරත්න මහතා පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]