එළවළු හතරකින් හොද්දක් සාදා ව්‍යාංජන කීපයක් ලෙස වෙන වෙනම බෙදලා

එළවළු හතරකින් හොද්දක් සාදා ව්‍යාංජන කීපයක් ලෙස වෙන වෙනම බෙදලා

එක්තරා කාර්යාලයක දිවා ආහාර වේලාවේ සියලු දෙනාම විවේක කාමරයේ ආහාර ගන්නා විට ව්‍යංජන දෙක තුන රැගෙන එන මිතුරන්ගෙන් දිනපතාම එක් ව්‍යංජනයක් ගෙනෙන පුද්ගලයකුට විහිළු කිරීමටද මිතුරෝ අමතක නොකළහ.

මේ ප්‍රශ්නය සිය බිරියට කීමට කිහිප විටක් කල්පනා කළත් ආර්ථික අපහසුකම් මධ්‍යයේ තමන් බිරියට දෙන සොච්චම් මුදලෙන් ව්‍යංජන කිහිපයක් සමග බත් මුලක් සපයන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඔහු සිටියා මිස යහළුවන්ගේ උසුළු විසුළු උපේක්ෂාවෙන් විඳ ගැනීම කලත් නිතර දෙමල්ලෝ ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවිය. දෙමහල්ලන් ආදරයෙන් සිටින යුවළක් වූයෙන් නුවණැති බිරිඳට සැමියා නිතර කල්පනාවෙන් සිටින අයුරු දැක ඒ පිළිබඳ විමසුවාය.

අයියෝ ඕකත් කල්පනා කරන්න දෙයක්ද ඉන්නකො යාළුවන්ට ඇඬෙන්න ඔයාට උයල දෙන්නම්. පසුදා හිමිදිරියේ වෙනදා වේලාවට පිබිදුණු බිරිය සිය සැමියාට සුපුරුදු බත්මුල ඔතා දුන්නාය. දිවා ආහාර වේලාවේ එය දිග හැරි සැමියා මවිත විය. බත් මුලේ ව්‍යංජන පහකි. මැද තැම්බු බිත්තරයකි. එදින මිතුරන්ගේ විහිළුවලට ලක්වීමට සැමියාට සිදුවූයේ නැත.

සවස නිවසට ආ සැමියා ඔයා මාළු පහක් උයන්න කරදර වෙන්න ඇති නේද ආදරයෙන් විමසීය. අනේ කරදරයක් වුණේ නැහැ මෙයා සතියේ දවස් පහට එක දවසට එක එළවළුව ගානේ වෙන් කරල තිබුණ. ඒවයින් හැම එකකින් ග්‍රෑම් 50 වගේ දාල වෙනදා වගේම එක හොද්දයි හැදුවේ. හැබැයි බත් මුල බඳින කොට ජාති පහ වෙන වෙනම තියල අමතරව බිත්තරයක් තිබ්බ. එච්චරයි.

බිරිදගේ නුවණ පිළිබඳ සැමියා බලවත් ආඩම්බරයට පත් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා