වැල්ලවාය පරගස්මංකඩ රදාපොළ ආරෙන් එගොඩ වෙන්න සෑදු කෝසුව කැඩිලා

වැල්ලවාය පරගස්මංකඩ රදාපොළ ආරෙන් එගොඩ වෙන්න සෑදු කෝසුව කැඩිලා

වැල්ලවාය පරගස්මංකඩ රදාපොළ ආර තරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ විස්සක් වැය කොට ඉදි කරන ලද කෝසුව විවෘත කර මාසයක් ගත වීමටත් පෙර කැඩී ගොස් තිබේ.

වැසි දිනවලදී රදාපොළ ආර තරණය කිරීමට අනතුරුදායක වූ බැවින් පාලමක් සාදා දෙන ලෙස ගම්වැසියෝ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළහ.

ඒ අනුව කථානායක චමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් පාලමක් සදහා මුල්ගල තැබිණි. ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එහි කෝසුවක් ඉදිකිරීමට මුදල් ප්‍රතිපාදන ලබාදී තිබුණි. ඒ අනුව කෝසුව ඉදිකිරීමේ කටයුතු අවසන් කර තිබේ.

ගම්වැසියකු වන ඩබ්ලිව්. එම්. පේමාලෝක මහතා මෙසේ කීවේය.

මොනරාගල මාර්ගයේ සිට කැටගල්ආර දක්වා වන මෙම පාර 1962 වසරේ රජයේ ගැසට් නිවේදනයකින් වෙන් කළා. එහෙත් එදා මෙදා තුර මෙහි සංවර්ධනයක් සිදු වුණේ නැහැ. 1972 සිට රදාපොළ ආරට පාලමක් ඉල්ලුවා.

කෙසේ හෝ මෑතකදී ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙහි කෝසුවක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 20 ක් ලබා දුන්නා. මෙතුවක් කල් අප ගැන බැලුවේ එතුමා පමණයි. කෝසුව ඉදි කළා. අපේ සතුට ඉහ වහ ගියා. ඒ සතුට සති දෙකකට පමණ සීමා වුණා.

කීසුව හැදුවේ මුල්ගල තැබූ තැන නෙවෙයි. වෙනත්තැනක.

කැටගල්ආර රදාපොළ ආරට වැටෙන්නේ ඒ ළගින්මයි.

ඒ නිසා කෝසුව ඛාදනයට ලක් වුණා. ගමනාගමන පහසුකම් නැතිව අප යළිත් අසරණ වුණා.

මේ ගැටලුව විසඳන්න කඩිනම් පියවරක් ගන්නා ලෙස අප බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා