ත්‍රිරෝද රියක් රුහුණු කුමාරි දුම්රියේ ගැටී එකම පවුලේ 4ක් රෝහලේ

ත්‍රිරෝද රියක් රුහුණු කුමාරි දුම්රියේ ගැටී එකම පවුලේ 4ක් රෝහලේ

බලපිටිය ගොඩගෙදර අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (06) පස්වරු 5.40 ට පමණ රුහුණු කුමාරි දුම්රියේ ගැටුණු ත්‍රිරෝද රථයක ගමන් ගත් එකම පවුලේ හතර දෙනෙක් තුවාල ලබා ඇත.

මේ ත්‍රිරෝද රථයේ හය දෙනකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනකු දුම්රිය එනු දැක ත්‍රිරෝද රථයෙන් පැන ත්‍රිරෝද රථය දුම්රිය මාර්ගයෙන් ඉවතට ගැනීමට උත්සාහ කර ඇත.

දුම්රිය ගැටීමෙන් ත්‍රිරෝද රථය තුළ සිටි මව, දියණියන් දෙදෙනා සහ පුතා තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් මව (සුසිලා පද්මිනි) දියණියක් (පූර්නිමා කුමාරි - 14) පුතා අවිෂ්ක බණ්ඩාර - 8) තිදෙනාගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් කරාපිටිය රෝහලට ගෙන ගොස් තිබේ.

අනෙක් දියණිය බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. අහුංගල්ල පොලිසිය අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා