මුද්‍රණය සඳහා

 
නේපාලයේ හදිසි ගංවතුරකින් 12ක් මරුට: 17ක් අතුරුදන්

නේපාලයේ හදිසි ගංවතුරකින් 12ක් මරුට: 17ක් අතුරුදන්

නේපාලයේ හිමාල කඳුවැටිය පාමුල සුප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයට ලක් වූ ප්‍රදේශයකදී සෙටි ගංඟාවේ ඉවුරු කැඩී යාමෙන් සිදුවු ක්ෂණික ගංවතුර ගැලීමක් හේතුවෙන් 12 දෙනෙක් මිය ගොස් 17 දෙනෙක් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. මොවුන් අතර රුසියන් ජාතික සංචාරකයන් තිදෙනෙක් ද සිටි බව සඳහන් . සෙනසුරාදා හටගත් ගං වතුරින් කරපනී ගම්මාන සම්පූර්ණයෙන්ම සේදී ගොස් ඇත .විපතට පත් අයට සහන සැලසීමට හමුදා හෙළිකොප්ටර් යානා දෙකක් සහ පෞද්ගලික හෙළිකොප්ටර් යොදවා යානා යොදවා තිබේ .

ගංවතුරෙන් අවට පිහිටි මච්චපුච්චාරි ගම්මානයට ද දැඩි අලාභ හානි සිදුවී ඇත .

හිම කන්දක් කඩාවැටීමෙන් සහ නයා යාමක් නිසා ගංඟාව අවහිර වීම මෙවැනි ක්ෂණික ගංවතුරක් ඇතිවීමට හේතුව බව ගැලැසියර් විද්‍යාඥයෝ පවසති .


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]