|
||
හිලරි ක්ලිටන් බංග්ලාදේශ සංචාරයක
අමෙරිකන් රාජ්‍ය ලේකම් හිලරි ක්ලිටන් පෙරේදා බංග්ලාදේශයට පැමිණි ඇත . මෙය විරල අවස්ථාවක් ලෙස සැලකේ . මේ සංචාරයේ අරමූණ කුඩා ව්‍යවසායයන්ට ණය මුදල් සැපයීමේ පුරෝගාමියෙක් සහ නෙබල් ත්‍යාගලාභීයෙක් වූ මොහොමඩ් යුනුස්ට සහාය දැක්වීමයි . යුනුස් බංග්ලාදේශ් රජය සමඟ ගැටුම් ඇතිකර ගෙන සිටින අයෙකි .බංග්ලාදේශයේ අමෙරිකන් තානාපති කාර්යාලයේ දී හිලරි ක්ලින්ටන් ඊයේ උදැසන යුනුස් හමුවී ඇත . ඊට පෙර ඇය එරට දේශපාලන නායකයින් හමුවී ඇත . යූනුස් 2006 දී නොබල් තාග්‍යයෙන් පිදුම් ලබා තිබියදීත් එරට රජය විසින් ඔහු ග්‍රමීන් බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් කරන ලදි . ඔහු හිටපු අමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ද සමීප මිතුරෙකි . සෙනසුරාදා බංග්ලාදේශ් අගමැති කාර්යාලයෙ දී කථාවක් පැවැත්වූ අතර වාරයේ දී අමෙරිකන් රාජ්‍ය ලේකම්වරිය ග්‍රාමීන් බැංකුවේ ක්‍රියාකාරීත්වය පැසසුමට ලක්කර ඇති අතර එය ජාත්‍යන්තර වශයෙන් ද විශාල බලපෑමක් සිදු කළ කුඩා ව්‍යවසාය බැංකුවක් බවද පවසා තිබේ . ග්‍රමීන් බැංකුවේ අධිපති ධූරයෙන් යුනුස් ඉවත් කරන ලද්දේ විශ්‍රාම වයස ඉක්මවා සේවයේ යෙදී ඇතැයි යන චෝදනාව මතයි . |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |