ඕනෑම ගැටලුවක් විසඳාගත යුත්තේ සුහදත්වයෙන් යුතුවයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012.මැයි 14 කොළඹ දී


“ලබා ගත් නිදහස දිවි හිමියෙන් සුරකිමු” තේමාව පෙරදැරිව කොළඹ, ගාලු මුවදොර පිටියේදී පෙරේදා (19) උදේ පැවැති විජයග්‍රහණයේ තෙවැනි වර්ෂ පූර්ණ සැමරුමට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික ධජය ඔසවද්දී. (දකුණේ) අභිමානවත් විජයග්‍රාහී ආචාර පෙළපාළිය ඇරඹීමට පෙර ජනාධිපතිතුමා විවෘත රථයක නැගී එය නිරීක්ෂණය කළ අවස්ථාව අනෙක් ඡායාරූපයේ දැක්වේ.
 


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

කලාපයේ ආර්ථික හා වාණිජ මධ්‍යස්ථානයක් වීමට රට පෙරට

දෝහා කටාර් ආර්ථික සම්මේලනයේ දී ජනපති පවසයි

දශක තුනක කාලයක් පැවැති යුද ගැටුම් සාර්ථක ලෙස නිමාවට පත් කළ ශ්‍රී ලංකාව කලාපයේ ආර්ථික හා වාණිජ මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට එමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

විස්තර »

මහනුවර මුස්ලිම් විද්වත් සංවිධාන සහාය එජනිසයට

මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස දොළොසෙහි ම නියෝජිතයන් ගෙන් සැදුම් ලත් මුස්ලිම් විද්වත් සංවිධානයේ පූර්ණ සහාය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා දීමට තීරණය කොට ඇත.

විස්තර »

ශ්‍රී ලංකාවට විරෝධය පෑ චෙන්නායිහි 30ක් අත්අඩංගුවට

ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වූ ඉන්දියා ජාතිකයන් 30 දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

විස්තර »

ගම්පහ ඩෙංගු මදුරු පාසල් 18ක විදුහල්පතිවරුන්ට නඩු

ඩෙංගු මදුරුවන් බෝ කළ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 18 ක විදුහල්පතිවරුන්ට එරෙහිව නඩු පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

විස්තර »

උපන් නූපන් දරුවන් වෙනුවෙන් සංවර්ධිත සාමකාමී රටක් තනනවා

විජයග්‍රහණයේ තෙවැනි සැමරුම් උලෙළේ දී ජනපති අවධාරණය කරයි

සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගන්නට තම අවසන් හුස්ම මේ වාතලයට මුසු කළ, අපට නිදහසේ ඇවිද යන්නට තම දෙපා පූජා කළ රණවිරුවන් සියලු දෙනාට ජාතියේ ගෞරවය හිමිවෙනවා යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

විස්තර »

උගත් පාඩම් කොමි‍සමේ නිර්දේශ ක්‍රියාවට නංවන රජයේ පිළිවෙතට අමෙරිකාවේ ප්‍රසාදය

ජී.එල් - හිලරි සාකච්ඡා පල දරයි

උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රසාදය හිමිව තිබේ.

විස්තර »

අතිරේක බෝග වගා කරන ගොවීන්ට රු. තුන්සිය පනහේ පොහොර සහනාධාරය අද සිට

අතිරේක බෝග වගා කරන ගොවීන්ට රුපියල් තුන්සිය පනහේ පොහොර සහනාධාරය අද (21) සිට ලබා දීමට රජය තීරණය කරයි.

විස්තර »

ශ්‍රී ලාංකීය ජාතියේ ප්‍රෞඪ උරුමය පංච මහා බළසේනාවෝ ප්‍රදර්ශනය කළ වගයි

ශ්‍රී ලාංකේය ජාතිය සතු ප්‍රෞඪ උරුමයන්ගෙන් ලද අපිරිමිත ජවය, අභිමානවත් සහ විචිත්‍ර ලෙස යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක පංච මහා බළසේනාවෝ පෙරේදා (19) හෝරා තුනහමාරක් පුරා කොළඹ ගාලු මුවදොර පිටියේදී මනාව ප්‍රදර්ශනය කළහ.

විස්තර »

පෙම්වතියටත් ඇගේ මාපියන්ටත් වෙඩි තබා කොමාන්ඩෝ සෙබළාත් වෙඩි තබාගනී

පියා රෝහලේ - අනෙක් තිදෙනාම මියයති

කලක් පැවති පෙම් සබඳතාව අතහැර දැමුවේ යැයි උරණ වී යුද හමුදා කොමාන්ඩෝ සෙබළෙකු ටී 56 ගිනි අවියකින් තම පෙම්වතියටත් ඇගේ මවට හා පියාටත් වෙඩි තබා මරාදමා තමන්ට ද වෙඩි තබාගෙන ඇත.

විස්තර »

දෝහා ආර්ථික සමුළුවේ විශේෂ ආරාධිතයා ලෙස ජනපති කටාර් යයි

කටාර් රාජ්‍යයේ එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ ආරාධනය පරිදි දෝහා ආර්ථික සම්මේලනයේ විශේෂ ආරාධිතයකු වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වෙයි.

විස්තර »

කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියට බොලිවුඩ් තරු පායයි

කලක් නගරයට පමණක් සීමා වී තිබූ රගර් ක්‍රීඩාවට රට පුරා ග්‍රාමීය මට්ටමේ ජනපි‍්‍රයත්වයක් උදා කළ වාර්ෂික කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලිය සිවුවැනි වරටත් මේ මස 26 - 27 දෙදින මහනුවර බෝගම්බර පිටියේදිත්, ලබන මස 2 - 3 දෙදින තිඹිරිගස්යාය පොලිස් පිටියේදිත් පැවැත්වේ.

විස්තර »

නුවරඑළිය - බදුල්ල - මාතර
භූ කම්පන තත්ත්වයක්

විනාඩි දෙකක සෙලවීමක්: හානි කිසිවක් නෑ

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක තුනක භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඊයේ (20) අලුයම 1.45 ට පමණ මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබෙන අතර එය නුවරඑළිය, බදුල්ල, මාතර දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශ කිහිපයකට බලපා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලාල් කුමාර මහතා “දිනමිණ” ට පැවැසීය.

විස්තර »

ෆොන්සේකා නිදහස් කරන ලිපිවලට ජනපති අස්සන් තබයි

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කියයි

විස්තර »

ෆොන්සේකාගේ නීතිඥවරුන් අද අධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා

නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන

විස්තර »

දෝහා ආර්ථික සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගි වීම සඳහා කටාර් රාජ්‍ය බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්-තානි මහතා ඊයේ (20) හමුවූ අවස්ථාව. ඡායාරූපය:- සුදත් සිල්වා
 

 
සරසවි ඇදුරන් ඇතුළුව කාරිය මණ්ඩල වල
අය හට අඩු පොලියට ණය දෙනවලු අයැදුම් කළ
විසි ලස්සෙට පොලිය හතකි අනුමත වුණු මිල
විරෝධතා නොනඟයි! කොටුවේ දුම්රිය පොළ
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast