විජයග්‍රහණයේ අභිමානනීය තෙවැනි සැමරුම

විජයග්‍රහණයේ අභිමානනීය තෙවැනි සැමරුම

තිස් වසක ත්‍රස්තවාදය පරාජය කරමින් ලත් විජයග්‍රහණයේ තෙවැනි සැමරුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී පෙරේදා (19) පැවැත්විණ. නන්දිකඩාල් කළපුවේදී කොටි නායක ප්‍රභාකරන් ඇතුළු කොටි බළමුළු වනසා දමමින් විජයග්‍රහණය තහවුරු කරන ලද්දේ 2009 මැයි මස 19 වැනිදාය.

එම දිනය සමරමින් සෑම වසරකම රාජ්‍ය උත්සවය පැවැත්වෙයි. ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු සෙබළුන්ගේ සහභාගීත්වයෙන් මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් සැමරුම් උලෙළ පැවැත්විණ..

ජාතියේ අභිමානයත්, වීරෝදාර රණවිරුවන්ගේ ප්‍රෞඪත්වයත් ලොවට කියා පෑ එම උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයකි මේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජයග්‍රහණයේ උත්තමාචාර පෙළපාලිය නරඹමින්

ජනාධිපතිවරයා පෙළපාලිය නිරීක්ෂණය කරමින්

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික නායකයෝ

රැස්ව සිටි ජනතාව

කතානායකතුමා, අගවිනිසුරුතුමිය පුමුඛ මැතිඇමැතිවරු

තානාපතිවරුන් ප්‍රමුඛ විදෙස් නියෝජිතයෝ

සැඟවුණු වෙඩික්ක‍රුවෝ

ගුවන් හමුදා සෙබළියෝ

නාවික හමුදා උත්තමාචාර

විශේෂ බළකා විරුවෝ

ආබාධිත රණවිරුවෝ

වයි 12 යානා

ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් යානය සහ බෙල් 212 හෙලිකොප්ටර් යානය පෙළපාලියට එක් වෙමින්

නාවික හමුදාවේ කුඩා යාත්‍රා බලගණය

විශේෂ බළකායේ ප්‍රහාරක යතුරුපැදි ධාවකයෝ

යුද හමුදා සන්නද්ධ රථ පෙළ

කොමාන්ඩෝ සෙබළුන් ආචාරය දක්වමින්

කොමාන්ඩෝ රෙජිමේන්තුවට සහාය වන සුනඛ පෙළ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා