රණවිරුවනට දිවි දුන් රට දැයේ නමින් හැම හදවතම පිදුණා මල් පොකුරු වෙමින්

රණවිරුවනට දිවි දුන් රට දැයේ නමින් හැම හදවතම පිදුණා මල් පොකුරු වෙමින්

රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් සැමරීමේ රණවිරු අනුස්මරණ උලෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පෙරේදා (19) පැවැත්විණ.

මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ මාපියන් ඇතුළු ළඟම ඥාතීහූ රණවිරු ස්මාරකය අසලට රැස්ව දැය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන් සිහි කර පුෂ්පෝපහාර දක්වා අනතුරුව පහන් දල්වා උපහාර පුද කළහ.

දේශයේ නිදහස වෙනුවෙන් තිස් වසරකට අධික කාලයක් තිස්සේ දිවි පරදුවට තබා මවු බිම වෙනුවෙන් සටන් වැද සිය අවසන් සුසුම් වාතලයට එක් කළ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කෙරුණු මේ මොහොත සැමගේ දෙනතට කඳුළු එක් කළ සංවේදී අවස්ථාවක් විය. එහිදි කැමරා ඇස ගැටුණු සුවිශේෂී අවස්ථා කිහිපයකි මේ.

රණවිරු දරුවන් ස්මාරකය අසළ පහන් දැල්වීමට එක්වු අයුරු

ජනාධිපතිතුමා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින්...

ජනාධිපතිතුමා රණවිරුවන්ගේ ඥාතීන්ට ආචාර කරමින්

මියගිය රණවිරුවන්ගේ ඥාතී හිතමිත්‍රාදීහූ

ජනාධිපතිතුමා රණවිරුවන්ගේ නෑදෑ හිතමිතුරන් සමඟ කතාබහක

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා