|
||
ගම්පහ ඩෙංගු මදුරු පාසල් 18ක විදුහල්පතිවරුන්ට නඩු
ඩෙංගු මදුරුවන් බෝ කළ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 18 ක විදුහල්පතිවරුන්ට එරෙහිව නඩු පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම දිස්ත්‍රික්කයේ පරීක්ෂා කළ පාසල් 27 න් 18 කම ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන තිබී හමු වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ පරීක්ෂා කළ පරිශ්‍ර 152 කින් පරිශ්‍ර 100 කම ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන තිබී හමු වූ බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික මදුරු මර්දන සතියට සමගාමීව වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යා කණ්ඩායම විසින් මේ ස්ථාන පරීක්ෂා කෙරිණ. එසේ පරීක්ෂා කළ පාසල් 27 න් 18 ක ද, පෞද්ගලික ආයතන 25 න් 23 ක ද, නිවාස 100 න් 59 ක ද ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන තිබී හමු වී ඇත. දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසල්වල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන තිබී හමු වී ඇත. කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විද්‍යාලය, කඩවත ජනාධිපති විද්‍යාලය, කඩවත මහමායා බාලිකා විද්‍යාලය, මාකොළ විශාඛා විද්‍යාලය, හේනේගම මධ්‍ය මහා විද්‍යාලය, හේනේගම මහාබෝධි ද්විතියික විද්‍යාලය, රදාවාන මහගමසේකර මහා විද්‍යාලය, රඳාවාන මීරිලන්ඩ් කණිෂ්ඨ විද්‍යාලය, ගෝනහේන එස්.කේ. සූරියආරච්චි ප්‍රාථමික විද්‍යාලය, කිරිල්ලවල මහා විද්‍යාලය, කිරිල්ලවල ජාතික විද්‍යාලය, ජාඇල ලංකා සභා කනිෂ්ඨ විද්‍යාලය, සීදූව ශ්‍රී ජෝතිරත්න කණිෂ්ඨ විද්‍යාලය, වරාගොඩ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක විද්‍යාලය, වරාගොඩ හෙලේනා විජේවර්ධන විද්‍යාලය, වරාගොඩ කැලණි විජේවර්ධන විද්‍යාලය, වැලිවේරිය ඇඹරළුව මහා විද්‍යාලය, රතුපස්වල බෝධිරාජ කනිෂ්ඨ විද්‍යාලය එම පාසල් 18 අතරට අයත් ය. පරීක්ෂාවට ලක්කළ පෞද්ගලික ආයතන පරිශ්‍ර අතරින් ටයර් අලෙවිසල්, මල් තවාන්, කොන්ක්‍රීට් වැඩපොළ ආශ්‍රිතව මදුරුවන් බහුලව බෝ වන ස්ථාන තිබී වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් සියලුදෙනාට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ජාතික මදුරු මර්දන සතියේ අවසාන දිනය ඊයේට (20) යෙදිණ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |