මුද්‍රණය සඳහා

 
දෝහා ආර්ථික සමුළුවේ විශේෂ ආරාධිතයා ලෙස ජනපති කටාර් යයි

දෝහා ආර්ථික සමුළුවේ විශේෂ ආරාධිතයා ලෙස ජනපති කටාර් යයි

කටාර් රාජ්‍යයේ එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ ආරාධනය පරිදි දෝහා ආර්ථික සම්මේලනයේ විශේෂ ආරාධිතයකු වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වෙයි.

මේ සමුළුවට සහභාගී වීම සඳහා පෙරේදා (19) කටාර් රාජ්‍ය බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා සමුළුවේ විශේෂ දේශනයක්ද පවත්වයි.

දෝහා ආර්ථික සමුළුවට සහභාගී වන ජනාධිපතිවරයා මෙමස 22 වැනිදා දක්වා එහි රැඳී සිටිනු ඇත.

විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ද මේ සංචාරයට එක්ව සිටිති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]